SRILANKAN NEWS

නවීන තාක්ෂණයෙන් යුතු ධීවර යාත්‍රා දෙකක් ශ්‍රී ලංකාවට…

ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල නිරත විය ගැකි නවීන තාක්‍ෂණයෙන් සමන්විත ශ්‍රී ලංකාව වෙනුවෙන් ම නිපදවන ලද ප්‍රථම යාත්‍රා දෙක දික්ඕවිට ධීවර වරාය වෙත ළඟා වී ඇත.

සාගර සම්පතින් උපරිම ඵල රටට හිමි කර දීමත,ධීවර කර්මාන්තයේ නව රැකියා හා අදායම් උත්පාධන ක්ෂේත්‍ර විවර කරගැනීම උදෙසා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා විසින් ධීවර කර්මාන්තය ආශ්‍රිතව හදුන්වා දී ක්‍රියාත්මක කරමින් සිටින “ නිල් ආර්ථික ” වැඩපිළිවෙල යටතේ මෙම නවීන යාත්‍රා දෙක ශ්‍රී ලංකාවේ ධීවර කටයුතු සදහා මෙලෙස ගෙන්වා තිබේ.

උසස් ධීවර මෙහෙයුම් ක්‍රියාවලියක් සදහා මෙවැනි නවීන තාක්‍ෂණයෙන් සමන්විත උපරිම ඵලදායිතාවක් සහිත යාත්‍රා එක්කරගැනීම පිළිබදව වසර කීපයක සිට සාකච්ජාවට බදුන් වී තිබුණි. නව රැකියා බිහිකිරීම, ධීවර සම්පත් මනා කළමනාකරණය, දිළිඳුකම තුරන් කිරීමට ආයතනික ශක්තියක් සැපයීම මෙන්ම,පසු අස්වනු හානිය අවම කර අතිගරු ජනාධිපතිතුමාගේ ආහාර සුරක්ෂිතතා වැඩපිළිවෙලට සමගාමිව ක්‍රියාත්මක “ නිල් ආර්ථික ” වැඩපිළිවෙල යටතේ මෙවන් නවීන යාත්‍රා ඉදිරියේදී ධීවර සමිති මඟින් මෙරට ධීවර ජනතාවට ලබාදීමට කටයුතු කිරීම අපෙක්ෂාව වී ඇත.

මෙවැනි යාත්‍රා මෙරට ධීවර කර්මාන්තයට එක් කිරීම මඟින් රටට විශාල ආර්ථික ප්‍රතිලාභ අත් කර ගත හැකි වන බව පෙන්වා දෙන ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ප්‍රකාශ කරන්නේ, ටින් මාළු ආනයනය සදහා වාර්ෂිකව වැය කරන රුපියල් බිලියන 12 පමණ මුදල රට තුළ ඉතිරිකරගැනීම වෙනුවෙන් දේශීය ටින්මාළු කර්මාන්තය වැඩිදියුණු දියුණු කිරීමට අවශ්‍ය කටයුතු ද ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බවය.