උතුර, නැගෙනහිර පළාත් ෆෙඩරල් යටතේ අනාගමික අංශයක් ලෙස සැකසිය යුතු යැයි උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් පවසයි. ශ්‍රී ලංකාව බෞද්ධ රටක් යන කාරණාව ප්‍රතික්‍ෂේප කරනවාද? යැයි ඔහුගෙන් කළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් මේ බව පවසා තිබේ.
නියත වශයෙන්ම, අතීතය සිට ශ්‍රී ලංකාව භූමිය යාපනය රාජධානිය, උඩරට රාජධානිය, රුහුණු රාජධානිය හා වෙරළ බඩ රාජධානිය ලෙස රාජධානි රැසක් යටතේ පාලනය කර තිබෙනවා.
පරිපාලන ප්‍රතිසංස්කරණය නමින් බ්‍රිතාන්‍ය ජාතිකයන් 1833දී රාජධානි සියල්ල තම යටතට ගෙනවිත් මුළු ලංකාවටම එකම පරිපාලන පද්ධතියක් ඇති ඉදිරිපත් කළා. මේ හේතුවෙන් උතුර නැගෙනහිර පළාත්වල බහුතරයෙන් සිටි ජනතාව මුළු ලංකාවතුළ සුළුතරයන් බවට පත්වුණි. පත්වුණා කියන එකට වඩා පත්කළා යැයි පැවැසීම සත්‍යකි. දැනටත් උතුර නැගෙනහිර පළාත්වල දෙමළ කතා කරන ජනතාව බහුතරයක් ලෙස ජීවත් වෙනවා.
නිදහස ලබා දෙන විට බ්‍රිතාන්‍ය විසින් මුළු ලංකාවම ශ්‍රී ලාංකිකයන්ට ලබාදී ගියා. නිදහස ලබන විට ශ්‍රී ලාංකිකයන් ලෙස රට භාරගත් අපගේ දේශපාලකයන් බලය ලැබුණු විගස තමන් ශ්‍රී ලාංකිකයන් යන අදහස අත්හැරියා.
සිංහල, ශ්‍රී ලංකා දෙමළ, කඳුකර දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ, යැයි තමන්ව වෙන් කිරීමටත්, පෙන්වාදීමටත් පටන් ගත් අතර. මහ ජාතිය ලෙස ඔවුන් නීතිය මහ ජාතියට අනුකූල අයුරින් සුළු ජාතිකයන්ව ප්‍රතික්‍ෂේප කරන විදිහට සකසා ගත්තා.
මේ හේතුවෙන් 1949දී කඳුකර දෙමළ ජනතාවගේ ජන්ද අයිතිය ප්‍රතික්‍ෂේප කළ අතර, 1956දී ඉදිරිපත් කළ ‘තනි සිංහල‘ නීතිය දෙමළ රාජ්‍ය නිලධාරින්ගේ අයිතිවාසිකම් උදුරාගත්තේය. ශ්‍රේණි ගතකිරීම අපගේ සිසුන්ගේ උසස් අධ්‍යාපනයට අත තැබු අතර. රාජ්‍ය ඉඩම්වල පදිංචිය, දෙමළ ජනතාව පාරම්පරිකව ජීවත්වූ ප්‍රදේශවලට පිට පළාත්වලින් රැගෙන එන ලද මහ ජාතිකයන් උදුරාගෙන පදිංචි කරවීමට රුකුලක්වුණි.
1970 වසරවලදී තමයි ත්‍රිකුණාමලය ආශ්‍රිතව සිංහල ගම්මාන බිහිවීමට ආරම්භවුනේ. පොලිසිය හා වැඩි බලතල මධ්‍යම රජය යටතේ තිබුණු හෙයින් උතුර නැගෙනහිර පළාත්වල සිංහල පොලිස් නිලධාරින්ගේ ආධිපත්‍ය වැඩිවුනා. හමුදාව ද කැඳවන ලදි. මෙවැනි වාතාවරණයකදී තමයි තරුණයන් ආයුධ අතට ගත්තේ.
යුද්දය නිමාවට පත්වූ අවස්ථාවේ බෞද්ධ ස්ථාන කිහිපයක් හැර වෙනත් කිසිම තැනක බෞද්ධ විහාරස්ථාන හෝ බෞද්ධ ආගමික ස්ථාන තිබුණේ නැහැ. දැන් හමුදා සහාය ඇතිව බෞද්ධ විහාරස්ථාන තැනින් තැන ඉදිකරනවා, බෞද්ධ ජනතාව නැති තැන්වල පවා ඉදිවෙමින් පවතිනවා.
යුද්දයට පසු තමයි මෙය “සිංහල බෞද්ධ රටක්“ යන හඞ ආක්‍රමණාකාරි ලෙස ප්‍රචාරය වෙමින් පවතිනවා. ඉතිහාසය වැරදි ලෙස පෙන්වා දෙමින් මෙම රට සිංහල බෞද්ධ රටක් යන අසත්‍ය, සාවද්‍ය අදහසක් ඉදිරිපත් කරමින් සිටිනවා.
උතුරේ කිසිඳු කලක සිංහල බෞද්ධයන් බහුතරයෙන් ජීවත්වුනේ නැහැ, දෙමළ බෞද්ධයන් උතුර නැගෙනහිර පළාත්වල ශත වර්ෂ කිහිපයක් ජීවත්වුනා. අද පවතින බෞද්ධ නටඹුන් ඔවුන් විසින් අත්හැරිය දේවල්ය. නායන්වරුන්ගේ භක්ති ප්‍රවාහයෙන් ජනතාව ආකර්ශනවීමත් සමගම දෙමළ බෞද්ධයන් බෞද්ධත්වය අත්හැර පෙර සිටියා මෙන් හින්දුන් බවට පත්වුණා.
එමෙන් උතුර නැගෙනහිර බෞද්ධත්වය එපා යැයි අත්හැරපු ප්‍රදේශයක්, එහි නැවතත් බෞද්ධත්වය එය රාජ්‍ය අනුග්‍රහය සමඟ බලහත්කාරයෙන් ඇතුල් කිරීමට තැත් කිරීම උතුර නැගෙනහිර ජනතාවගේ මානව අයිතිවාසිකම උල්ලංඝණය කිරීමකි. උතුර නැගෙනහිර ජනතාවන් අතර බහුතරයක්ම බෞද්ධයන් නොවේ. දැනට සිටින බෞද්ධයන් පවා රාජ්‍ය යාන්ත්‍රණය මඟින් මෑත කාලයේදී ගෙන්වාගත් පිරිසය.
එමෙන් ශ්‍රී ලංකාව බෞද්ධ රටක් ලෙස හෝ සිංහල රටක් ලෙස පැවැසීමට මම තරයෙන් ප්‍රතික්‍ෂේප කරනවා. දැනටත් කවදත් උතුර නැගෙනහිර පළාත්වල දෙමළ කතා කරන ජනතාව තමයි බහුතරයෙන් ජීවත්ව සිටින්නේ. දකුණු ඉන්දියාවේ බුදු දහම දියුණුවූ කාලයේදි ශ්‍රී ලංකාවේ උතුර නැගෙනහිර ප්‍රදේශවල ද බුදු දහම ප්‍රචාරයවුනා. දකුණු ඉන්දියාවේ හින්දු ‘සයිවම්‘ ඉහළ ගිය අවස්ථාවේ මෙහිදීද හින්දු සයිවම් ඉහළ ගියේය. බෞද්ධත්වය එපා කියා ඉවත් කළ උතුර නැගෙනහිර “බෞද්ධ රට“ යන මාතෘකාව යටතේ ගෙන ඒම මම තරයෙන් හෙලා දකිනවා. අනෙකුත් පළාත් හතේම බෞද්ධයන් බහුතරව සිටින හෙයින් එහිදී බෞද්ධත්වය ප්‍රමුඛත්වය ලබාදිය හැක. උතුර නැගෙනහිර පළාත් ෆෙඩරැල් යටතේ අනාගමික අංශයක් ලෙස සැකසිය යුතුයි‘ යැයි ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
Add Comment