යාපනයදී මේ දිනවල කඩු ප්‍රහාරවලින් යුතු ප්‍රචණ්ඩ ක්‍රියාවන් වර්ධනය වෙමින් පවතියි. රාත්‍රී කාලයදී ගමින් ගමට කඩු පොලු සහිත ප්‍රචණ්ඩකාරින් සැරි සැරීමට පටන්ගෙන තිබේ. එම අවස්ථාවල ඔවුන්ගේ අසට ගැටනෙ පුද්ගලයන්ව කපා කොටා දැමීම ඔවුන්ගේ සාමාන්‍ය කටයුත්තක්වී ඇතයි ප්‍රදේශවාසීන් පවසයි.
යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන කලා පීඨයේ දෙවන වසර සිසුන් නව දෙනෙකුව පසුගියදා සුදුමලයි හංදියදී නාඳුනන පිරිසක් විසින් කඩුවලින් පහරදී තිබේ. කඩු ප්‍රහාරයට ලක්වූ එක් සිසුවකුගේ අතක්ද උරහිසින් වෙන්වී ඇත. බරපතල ලෙස තුවාල ලැබූ සිසුන් තිදෙනාව සහ කපා දැමූ අතද රැගෙන මානිප්පායි රෝහලට ඇතුලත් කිරීමෙන අනතුරුව යාපනය රෝහලට රැගෙන ගොස් තිබේ. අත අහිමිවූ සිසුවාට වැඩිදුර ප්‍රතිකාර ලබාදීම සඳහා කොළඹ ජාතික රෝහලට යවා ඇති අතර, ඔහුගේ අත යළි බද්ධ කිරීමේ ප්‍රතිඵලය දැනුම් දිය හැක්කේ පැය 72කින් පසු බව රෝහල් වෛද්‍යවරුන් පවසා තිබේ.
මේ අතර යාපනය රෝහලට ඇතුලත් කර ඇති සිසුන් දෙදෙනා අතර එක් අයකුගේ තත්වයද බරපතලය. පහරදීමට ලක්වූ අනෙකුත් සිසුන්ට හුස්ම ගැනීමට අපහසු තත්වයකින් සිටින බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. පරදීමට ලක්වූ සිසුන් අතර වවුනියාව දිස්ත්‍රික්කයේ පදිංචි එක් අයකුද මුල්ලතීව් දිස්ත්‍රික්කයේ පදිංචි දෙදෙනෙකුද සිටිති.
මෙම සිද්ධිය සිඳුවී අදට දින දෙකක් අවසන්ය. පහරදීමට ලක්වූවන් සරසවි සිසුන් හෙයින් ඔවුන් ඊයේ දින පටන් සිය විරෝධය පළකරමින් සිටියි. එම විරෝධතාවයෙන් අනතුරුව සියළු පීඨවල ශිෂ්‍ය සංගම් නායක එස්. ජෙසින්දන් පවසා සිටියේ.. “යුද්දය අවසන්වීමෙන් පසු සමාජ විරෝධි කණ්ඩායම් රැසක් දේශපාලකයන් කිහිප දෙනෙකුගේ අනුබලය සමඟ ප්‍රචණ්ඩකාරි ක්‍රියාවල නිරතවී සිටින බවය.
සරසවි සිසුන්ට සිඳුකළ කඩු ප්‍රහාරයට සම්බන්‍ධ අපරාධකරුවන්ව අත්තඩංගුවට ගත යුතුයි. ඔවුන්ට නීතියෙන් උපරිම දඞුවම ලබාදිය යුතුයි. මෑත කාලයදී ජනතාව සහ සරසවි සිසුන් යැයි බොහෝ දෙනෙකු සමාජ විරෝධි කණ්ඩායම් විසින් සිඳුකරන ප්‍රචණ්ඩකාරි ක්‍රියාවලින් බාධාවට පත්වී ඇත. මෙවැනි සමාජ විරෝධි කණ්ඩායම් නිසා ප්‍රදේශයේ සංස්කෘතිය සහ ශිෂ්ටත්වය විනාශයට පත්වේ. සරසවි සිසුන්ගේ ආරක්‍ෂාව සරසවි පරිපාලනය විසින් තහවුරු කළ යුතුයි. ඉදිරි කාලයදී මෙවැනි සමාජ විරෝධි ප්‍රචණ්ඩකාරීන්ව මැඩපැවැත්වීමට පොලීසිය ක්‍රියාත්මකවිය යුතුයි“
ඉකුත් සිද්ධිය සම්බන්‍ධයෙන් සමාජ ජාලය, මාධ්‍යවල පුවත් සහ හෙලාදැකීම පළකරන නමුත් දෙමළ ජනතාව ආරක්‍ෂා කිරීමට පිටත්වූ පළාත් මහ ඇමැති, පළාත් සභා මැති ඇමැතිවරුන්, සහ අනෙකුත් දෙමළ ජාතික පක්‍ෂයන් ද කණගාටුවට පත්වී සිටින්නේදැයි ප්‍රශ්ණයක් පැන නැගී ඇත.
යාපනයේ නීති අංශය මෙම ප්‍රචණ්ඩත්වය ගැන නොදන්නේ ද? නැතිනම් දැකලත් නොදැක්ක ගානට ඉන්නවද? යන ප්‍රශ්ණය සිත් වේදනාවට ලක් කරුණකි.
කුර් ආනයට අපහස කිරීම සම්බන්‍ධයෙන් කොළඹ අධිකරණයම ඉදිරිපත්වී ඥානසාරි හිමිට එරෙහිව නඩු පවරන්නයි පොලීසියට නියෝග කර තිබීම සිහිපත් කරමි. දැඩි ආරක්‍ෂක ගැටළු පැවැති මහින්ද රාජපක්‍ෂ පාලන සමයදී පවා වවුනියා දිස්ත්‍රික්කයේ විනිසුරු ලෙස කටයුතු කළ ඉලන්චෙලියන් සිවිල් ජනතාවගේ යහපතට විරෝධි කටයුතුවලට එරෙහිව පියවර ගන්නා ලෙස නිර්භීතව නිරන්තරයෙන් පොලීසිය නියෝග කරමින් සිටීම ද මෙහි සිහිපත් කළ හැකිය.
අද ප්‍රජාතාන්ත්‍රවාදය ස්ථාපිත කර ඇති බවත්, අධිකරණ හා නීතිය ස්වාධීනව ක්‍රියාත්මකවීමට අනුමැතිය ලැබී ඇති බවට රජය පවසා සිටින විට යාපනයේ අධිකරණ සිවිල් ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට ඉදිරිපත් නොවන්නේ ඇයි? ප්‍රසිද්ධියක් ලබා ගැනීම සඳහා පොත් පැන්සල් ලබාදී, නව ගොඩනැගිළි විවෘත කිරීමේ උත්සවවල රිබන් කට් කර ඡායාරූප ඇල්බම්ද, හැඟීම් බර කථාවන්ද මාධ්‍යවලට එවා සිය ජන්ද බැංකුව පුරවා ගැනීමට තැත් කරන දේශපාලකයන්ට මෙම ප්‍රශ්ණය කෙරෙහි පමණක් අවධානය යොමු නොවුනේ කෙසේ ද?
පසුගිය සතියේ සාවකච්චේරිය අවන්හලකදී පහරදීමේ සිද්ධියක් සිඳුව තිබේ. පසුගිය සිකුරාදා දින වඩමරාච්චිය ප්‍රදේශයේ සිඳුවූ කඩු ප්‍රහාරයකින් අල්වායි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මියගොස් තිබේ. මෙය හැර දිගින් දිගටම පුද්ගලික කණ්ඩායම් ගැටුම් යාපනය තුල තැනින් තැන සිඳුවේ. හමුදා ප්‍රචණ්ඩත්වයට බියට පත්වූ කාලය ගොස් රාත්‍රී කාලයවූවිට ගමේ දාමරිකයන්ට බියෙන් ගම නිහඞවන බවට යාපනයේ ගම්මාන රැසක ජනතාව පවසති. තරුණ දැරියන් තනිවම යැවීමට දෙමව්පියන් බිය පළකරති. මෙය කිසිවක් උතුරේ බලයේ සිටින දෙමළ ජාතික සන්ධානයට හෝ? නැතිනම් එයට විකල්ප නායකත්වයක් ලෙස පැමිණීමට තැත් කරන දෙමළ ජාතික පෙරමුණටද නොදන්නේ ඇයි? නැතහොත් දැනගෙනත් මෙම ගමේ ප්‍රශ්ණයදී දෙමළ ජාතිකත්වය, සිංහල මහ ජාතිකවාදය, නැතිනම් පොලීසියද සම්බන්‍ධ නොවීමෙන් මෙවැනි සිඳුවීම්වලින් දේශපාලනික වාසියක් අත්පත්කරගත නොහැකි බවට ඔවුන් සිතනවාද?
පොලිස් ඇඳුම මෙම සරසවි සිසුන්ගේ ඇඟේ ගැටී තිබුණේ නම්, ජනතාව වෙත පහරදී තිබුණේ නම්, උතුර හා දකුණේ සිටින දෙමළ ජාතික නායකයන් සියළු දෙනාම නිවේදන යුද්දයක්ම පවත්වා තිබෙනු ඇත. 19 වැනි සංශෝධනය ගැන දෙමළ නායකයන් පාර්ලිමෙන්තුවදී හැඟීම් බර කථාවන් පවත්වා පාර්ලිමෙන්තුවම සුනු විසුනු කරනු ඇත. පුවත්පත් හා සන්නිවේදන මාධ්‍යන් හරහා මේ ගැන හඞ පට, ඡායාරූප, විඩියෝ දර්ශණ යැයි ව්‍යාප්තව ගොස් ඇත.
ඉහත සඳහන් දැය නොකරන්න ලෙසද මර්දනයන් ගැන ප්‍රසිද්ධ නොකරන ලෙස පැවැසුවේ නැහැ. නමුත් එතරම් වැදගත් ප්‍රශ්ණයක් වන සමාජ ප්‍රශ්ණයක් ගමේ රණ්ඩුවක්නේ!, ගමේ චන්ඩියන්ගේ ප්‍රචණ්ඩත්වයක්නේ!, එක් සිසුවකුගේ අතක්නේ කපලා තියෙන්නේ! දෙතුන් දෙනෙකු තුවාලවී තියෙනවා එපමණයිනේ! මෙතැන මොන දේශපාලනයක්ද තියෙන්නෙ යැයි මෙම ප්‍රශ්ණය නොසලා හැරීමද පිළිගත නොහැක.
දිනෙන් දින යාපනයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිද්ධියන් වර්ධනය වෙමින් පවතියි. පොලීසිය මේ සම්බන්‍ධයෙන් දැඩි විමසිල්ලෙන් කටයුතු කර, අපරාධකරුවන්ව අත්තඩංගුවට ගෙන, නීතිමය වශයෙන් පියවර ගත යුතුයි. ඒ අතර, මෙවැනි ක්‍රියා කටයුතු ඉදිරියදී සිඳු නොවන අයුරින් වග බලාගත යුතු යැයි ඩග්ලස් දේවානන්දා මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇතයි මෑතකදී පුවතක් නිකුත්වී තිබුණි. එම පුවත පළවී තිබීමෙන් අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ අවස්ථාවදී නීතිය හා සාමය ඩග්ලස් දේවානන්දා මහතා ස්ථාපිත කර තිබූ බවට යම්කිසි කෙනෙකු විස්වාස කළේ නම් එයට මම වගකියන්නේ නැහැ.
අපි තමයි දෙමළ ජාතියේ මුරකරුවන් යැයි තරඟ කරන දෙමළ ජාතික පක්‍ෂයන් මහ ජාතික රජයන් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ප්‍රතික්‍ෂේප කිරීම, රජය හා හමුදාව දෙමළ ජනතාවගේ ඉඩම් පවරා ගැනීම, ආරක්‍ෂ අංශය දෙමළ ජනතාව ඝාතනය කිරීම වැනි කරුණු පමණයි දේශපාලනික වාසියක් ලබා දෙන කරුණු බවට සිතා එයට එරෙහිව පමණයි අරගල කළ යුතුයි හඞ නැගිය යුතු යැයි සිතන්නේ නම් තවත් වසර 5-10කින් දෙමළ සමාජය සිය අනන්‍යතාවය සිය අතින්ම විනාශ කර ගනියි. එවිට කණගාටුව හැර වෙනත් කිසිවක් අපට ඉතුරුවන්නේ නැහැ. පසුගිය කාලයේ සිඳුවූ සිද්ධියක් මතකයට එයි… 1980දී අරගලය ආරම්භවූ දිනවල ලබන තයිපොන්ගල්වලට කලින් තමිල් ඊළම ලැබෙයි. නුඹ ඇයි නිදි මරාගෙන ඉගෙන ගන්නේ, තමිල් ඊළමේදී අළුත් අධ්‍යාපන ක්‍රිමවේදයක් ඉදිරිපත් කරනවා යැයි විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයට පාඩම් කරමින් සිටි මගේ අක්කාට පැවැසුවෙමි. එවිට තාත්තා කිව්වා“ හරි නුඹ තමිල් ඊළමක් අරන් එන්න එවිට ඇය නව අධ්‍යාපන ක්‍රිමයටත් ඉගෙන ගනියි. එතෙක් ඇය ඉගෙන ගෙන දැන් තිබෙන විශ්වවිද්‍යාලයටම ගියදෙන්.“
එලෙස තමයි මහ ජාතිකවාදයට එරෙහිව අරගල කර බලය ලබාගමු ඉන් පසු මෙවැනි සමාජ ප්‍රශ්ණයන් ගැන බලමු යැයි දෙමළ නායකයන් සිතන්නේ නම් දෙමළ සමාජයේ පැවැත්ම දෙමළ සමාජයම ප්‍රශ්ණාර්ථයක් බවට පත්කරනු ඇතයි සැකයක් නැත.
නඩරාජා ගුරුබරන් – ග්ලෝබල් ටැමිල් නිව්ස් –
පරිවර්ථන – ජස්මින්
Add Comment