SRILANKAN NEWS

රජය වගවීමේ කටයුතුවලින් පසුබසිනවා – සම්බන්‍ධන්

අවසන් යුද්දයේදී සිඳුවූ බව කියන ජාත්‍යන්තර අපරාධ ගැන වගවීමේ කටයුතුවලින් රජය පසුබසින බව දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා පවසයි.

එක්සත් ජාතින් මානව හිමිකම් සභාවට ලබාදුන් පොරොන්දු උල්ලංඝණය කරන අයුරින් රජයේ මෙම ක්‍රියා කටයුතු හේතුවෙන් දෙමළ ජනතාව අතර රජය කෙරෙහි අතෘප්තිපයක් ඇතිවී තිබෙන බව සම්බන්‍ධන් මහතා පවසා තිබේ.

පසුගිය 2015 වසරේ එක්සත් ජාතින් මානව හිමිකම් සභාවේදී සම්මත කරන ලද යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය තවත් මාස 18ක කාලයක් ඉල්ලා සිටීමට තීරණය කර ඇති බවට තොරතුරු හෙළිවී තිබේ.

මෙවැනි තත්වයකදී රජය ඉල්ලා සිටින කාලය එක්සත් ජාතින් මානව හිමිකම් සභාව ලබා දෙන්නේ නම් එම යෝජනාව ක්‍රියාක්මක කිරීමේ කටයුත්ත එක්සත් ජාතීන් සංවිධානයේ අධීක්‍ෂණයක් යටතේ සිදුකළ යුතු ආකාරයක යෝජනාවක් ඉදිරිපත් කළ යුතු බව ආර්. සම්බන්‍ධන් මහතා පවසා තිබේ.