SRILANKAN NEWS

දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසා දැමීමට තීරණය කරයි…

දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසාදැමීමට ඊයේ (11) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ජූනි 30 දිනෙන් කාලය අවසන් වූ එම කාර්යාලය තවදුරටත් පවත්වාගෙන යාම පිලිබඳව තීරණයක් නොගෙන කල්මරමින් සිටි ආණ්ඩුව ඊයේ එම කාර්යාලය වසාදැමීමට තීරණය කළේ අමාත්‍යවරුන් ගණනාවකගෙන් එල්ලවූ බලපෑම් නිසා බව වාර්තා වේ.

මෙම කාර්යාලය වසාදැමීමට ප්‍රධාන වශයෙන් මැදිහත්වී ඇත්තේ බරපතල වංචා හා දූෂණ චෝදනාවලට ලක්වූ ඇමතිවරුන්ය. රාජිත සේනාරත්න, අනුර යාපා, එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, පී. හැරිසන්, රවී කරුණානායක වැනි ප්‍රබල කැබිනට් ඇමතිවරුන් විසිනි.

ඔවුන්ට එරෙහිව මෙම කාර්යාලය විසින් ආරම්භ කරනලද මූල්‍ය චෝදනා පිලිබදව විමර්ශන තවදුරටත් ඉදිරියට ගියහොත් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇති අතර එම තත්වය වලක්වා ගැනීම මෙම කාර්යාලය වසාදමීමේ තීරණයට මුල්වී ඇත.

රාජිත සේනාරත්න ඇමතිවරයාට එරෙහිව මෝදර ධීවර වරාය බදුදීමෙදී සිදුකල කෝටි ගණනක වංචාවක් පිලිබදව චෝදනා පවතින අතර එම පරීක්ෂණවලදී ඇමතිවරයා පහසුවෙන්ම වරදකරු වන බව පෙනීයන බවත් නීතිය ඉදිරියේදී ගැලවීමේ හැකියාව නොමැති බවත් පැවසේ. එබැවින් මෙම කාර්යාලය වසා දැමීමට ප්‍රබල හඩක් නගා ඇත්තේ රාජිත සේනාරත්න ඇමැතිවරයා ය.

ලංකා ඛනිජතෙල් සංස්ථාවේ මුදල් වංචනික ලෙස යොදාගනිමින් සතොස ආයතනයෙන් භාණ්ඩ මිලටගෙන මැතිවරණ සදහා අල්ලස් ලෙස ලබාදීම පිලිබදව චෝදනාවට ලක්ව සිටින අනුර යාපා ඇමැතිවරයා මුල සිටම දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය සහ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට එරෙහිව ප්‍රකාශ නිකුත්කරන ලද අතර එම කාර්යාල වසාදැමියයුතු බවට දිගින් දිගටම පවසන ලදී.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මුදල් වංචා චෝදනා ලබා සිටින ඩිලාන් පෙරේරා මහතාද මෙම කාර්යාලය වසා දැමීමට ප්‍රමුඛ හඩක් නගා ඇත.

මහ බැංකුවේ සිදුවූ බැදුම්කර ගනුදෙනුව පිලිබදව මුල්ම පැමිණිල්ල පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශයට ලබාදී ඇත්තේද දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය මගිනි.

පී. හැරිසන් ඇමතිවරයා වී අලෙවි මණ්ඩලයේ සිදුකල වංචා පිලිබදවද දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය මගින් පැමිණිලි ලබා දී ඇත.

දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසා දැමීමත් සමගම පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයද අවසන් වන අතර එම කාර්යාලයේ විමර්ශනයවන ලිපිගොනු පොලිසියේ විවිධ අංශ වෙත බෙදා හැරීමට කැබිනට් මණ්ඩලය තීරණයකර ඇත.

මෙම කැබිනට් තීරණයත් සමග ආණ්ඩුව 2015 මැතිවරණවලදී ලබාදුන් ජනවරමට පිටුපාමින් හොරුන් රැකීමට කටයුතු කිරීම ආරම්භ කර තිබේ. පොලීසිය මගින් මෙවැනි බරපතල මූල්‍ය වංචා විමර්ශනය කළ නොහැකි බැවින් මෙලෙස විශේෂ යාන්ත්‍රණයක් පිහිටුවන ලද නමුත් එම යාන්ත්‍රනය බිඳ දැමීම යනු ජනමතයට පිටුපෑමක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

ලංකා ටෘෘත්