SRILANKAN NEWS

කිලිනොච්චිය ඉරනයිතිව් ප්‍රදේශයේ ඉඩම් කිහිපයක් නිදහස් කිරීමට නාවික හමුදාව එකඟ වෙයි..

කිලිනොච්චිය, ඉරනයිතිව් ප්‍රදේශයේ ඉඩම් කිහිපයක් නිදහස් කිරීමට නාවික හමුදාව එකඟත්වය පළ කර තිබේ. අද (31) දින පැවැති විශේෂ සාකච්ඡාවකිදී මේ බව පවසා තිබේ. තම පාරම්පරික ඉඩම්වල නැවැත පදිංචිවීමට අවසර ලබාදිය යුතු යැයි ඉල්ලා ඉරනයිතිව් ජනතාව දින 123ක කාලයක් අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතව සිටිති.

මෙවැනි තත්වයකදී ආරක්‍ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන, නැවත පදිංචි කිරීමේ ඇමැති ඩී.එම්. ස්වාමිනාදන්, පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන චාල්ස් නිර්මලනාදන්, එස්. ශ්‍රීදරන්, ආරක්‍ෂක අංශ නිලධාරින්, රදගුරුවරුන් සහ නාවික හමුදාව අතර පැවැති සාකච්ඡාවලින් අනතුරුව මෙම එකඟතාවයට පැමිණ තිබේ.

1990 වසරේදී අවතැන්ව ගිය ඉරනයිතිව් ජනතාව දැනට ඉරනයිමාතා නගර් ප්‍රදේශයේදී ජීවත් වෙති. ඔවුන් තම පාරම්පරික ඉඩම්වල නැවත පදිංචිවීම සහ එහි සිට තම රැකියාවන් සිදු කිරීම අවධාරණය කර අඛණ්ඩ සත්‍යග්‍රහයක් පවත්වාගෙන යමින් සිටිති.