SRILANKAN NEWS

උතුර නැගෙනහිර ඒකාබද්ධ කිරීමට එ.ජා.ප. යෙහි එකඟත්වයක් නැහැ – කබීර් හාෂිම්

උතුර නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට එක්සත් ජාතික පක්‍ෂයට කිසිඳු එකඟතාවයක් නොමැති බව එම පක්‍ෂයේ මහ ලේකම් අමාත්‍ය කබීර් හාෂිම් මහතා පවසයි. එරාවූර් ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගිවෙමින් ඔහු මේ බව පවසා තිබේ.

20 වැනි සංශෝධනය පාර්ලිමෙන්තුවේදී පරාජයට පත්වන බවට විපක්‍ෂය පවසා තිබුණි. නමුත් එහි ජය ලබාගෙන ඇති බවත්, පළාත් හා පළාත් පාලන මැතිවරණවලදී ද තුනෙන් දෙකක බහුතරයකින් ජයග්‍රහණය කරන බව හෙතෙම පවසා තිබේ.

තවද ඉදිරියේදී එක්සත් ජාතික පක්‍ෂය මැතිවරණවලට තනිව තරඟ නොකරන බවත්, ජාතික හා සුළු ජාතික පක්‍ෂ සමඟ සන්ධානගතව තරඟ කරන බවද පවසා තිබේ.

උතුර නැගෙනහිර ඒකාබද්ධ කිරීම සම්බන්‍ධයෙන් එක්සත් ජාතික පක්‍ෂයට කිසිඳු එකඟතාවයක් නොමැති බවත්, මෙම රටේ සියළු දෙනා එකම දේශයක එකමුතුවෙන් කටයුතු කළ යුතුයි යන්න තම අදහස බවද වැඩිදුරටත් පවසා තිබේ.