SRILANKAN NEWS

රයි අනතුරුවලින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්‍ෂයට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් හතර දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

කුලියාපිටිය ආඩිගම ප්‍රදේශයේ දී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිඳුවූ අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනා සහ පසුපස ගමන් කළ කුඩා දරුවෙකු දඹදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් යතුරුපැදිකරුවෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

කුරුණෑගල මීගමුව මාර්ගයේ මල්කඩුවාව ප්‍රදේශයේ දී පදික මාරුවෙන් ගමන් කළ පුද්ගලයෙකු ලොරි රථයක ගැටීමෙන් සිඳුවූ අනතුරෙන් බරපතල තුවාල ලැබූ පදිකයා කුරුණෑගල රෝහලට ඇතුළත් කරන අතරතුර ජීවිතක්‍ෂයට පත්ව ඇති බව වාර්තාවේ.

නුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ ඉඳිගහමුල හන්දියේදී පදික මාරුවෙන් ගමන් කළ පුද්ගලයෙකු ජීප් රථයක ගැටීමෙන් සිඳුවූ අනතුරින් බරපතල තුවාල ලැබූ පදිකයා ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

මේ අතර, බටපොළ පොල්ලැවුව ප්‍රදේශයේ දී මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිඳුවූ අනතුරින් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා බටපොළ රෝහලට ඇතුළත් කරන අතරතුර ජීවිතක්‍ෂයට පත්ව තිබේ.