SRILANKAN NEWS

ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට යුක්තිය ලබාදීමේ කටයුත්තට මැදිහත්වන්නැයි ට්‍රම්ප් වෙත ඉල්ලීමක්..

ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට යුක්තිය ලබාදීමේ කටයුත්තදී මැදිහත්වන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. ට්‍රම්ප් සඳහා වූ දෙමළ සංවිධානය විසින් ලිපියක් මඟින් මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකාවේ පැවැති යුද්දයේදී ශ්‍රී ලංකා හමුදාව විසින් එක් ලක්‍ෂ 45 දාහක දෙමළ වැසියන් ඝාතනයට පත්වී ඇති බව එම ලිපියෙහි පෙන්වාදී තිබේ.

අපරාධ කළ අයට එරෙහිව ජාත්‍යන්තර අපරාධ විමර්ශණ අධිකරණය හෝ ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය මඟින් නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට ඇමරිකාව බලපෑම් කළ යුතු යැයි ඉල්ලා තිබේ.

යුද්දයෙන් පීඩාවට පත්වූ අහිංසක දෙමළ ජනතාවට යුක්තිය ලබාදිය යුතු බවත්, බ්‍රිතාන්‍යන් නිදහස ලැබූ දින පටන් දෙමළ ජනතාවට එරෙහිව අසාධාරණකම් සිඳුකළ කිසිඳු සිංහලයෙකුට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද පෙන්වාදී ඇති ට්‍රම්ප් සඳහා වූ දෙමළ සංවිධානය 2018 වසරේදී දෙමළ ජනතාවට යුක්තිය ලැබිය හැකි යැයි බලාපොරොත්තු වන බවද සඳහන් කර තිබේ.

දකුණු සූඩානයේ පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් ඇමරිකාව නිර්භීතව නිවැරදි තීරණයක් ගත් බවත්, එලෙසම ශ්‍රී ලංකාවේ ජීවත් වන දෙමළ ජනතාවගේ ප්‍රශ්ණයට ද විසඳුමක් ලබාදිය යුතු යැයි ඉල්ලා තිබේ.