SRILANKAN NEWS

නිදහස් පක්ෂ ආණ්ඩුවක් සඳහා එම පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට ජනපතිගෙන් ආරාධනාවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු 96 දෙනාටම තමන් සමග එක්වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

රත්නපුර ප්‍රදේශයේ ඊයේ (27) පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පවසා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 96 දෙනා තමා සමඟ එකතුවන්නේ නම් හෙට වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහි කිරීමට තමන් සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පවසා තිබේ.

මේ අතර, මෛත්‍රී පාල සිරිසේන මහතා විසින්ම දූෂිතයන් යැයි පසුගිය දිනවලද චෝදනා කළ කණ්ඩායමටම යළි තමන් සමග ආණ්ඩු පිහිටුවීමට එන්නැයි මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආරාධනා කිරීම හාස්‍ය ජනක කාරණයක් බව දේශපාලන විචාරකයන් පෙන්වාදී තිබීම විශේෂත්වයකි.