WORLD NEWS

ඉතියෝපියා අගමැති හෙයිල්මරියම් ඩිසැලින් ධුරයෙන් ඉවත් වෙයි

ජනතාවගෙන් හා විපක්ෂයෙන් අඛණ්ඩ විරෝධයක් එල්ලවීම නිසා ඉතියෝපියා අගමැති හෙයිල්මරියම් ඩිසැලින් හදිසියේ සිය ධුරයෙන් ඉවත්වී තිබෙනවා. වසර ගණනාවක් පුරා පැවති නොසන්සුන්තාව සහ දේශපාලන කැළඹිලි සහගත තත්ත්වය අවසන් කිරීම සිය බලාපොරොත්තුව බවයි ඉතියෝපියා අගමැති පවසා ඇත්තේ. හෙයිල්මරියම් ඩිසැලින් ඉතියෝපියාවේ අගමැති දුරයට පත්වූයේ 2012 වසරේයි. එහෙත් ඔහුගේ පාලන කාලය තුළ පැවති උද්ඝෝෂණවලින් පුද්ගලයින් බොහෝ පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා.

ඉතියෝපියා රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු තවදුරටත් කියාසිටියේ රට තුළ තිරසර සාමය ස්ථාපිත කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදය කරා යාමට උපකාරීවන ප්‍රතිපත්තිවලට ඉඩදිය යුතු බවයි.