WORLD NEWS

ඉරානයේ සිඳුවූ ගුවන් අනතුරකින් 66 දෙනෙකු ජීවිතක්‍ෂයට

මධ්‍යම ඉරානයේ ගුවන් යානයක් කදු වැටියක ගැටීමෙන් සිඳුවූ අනතුරෙන් ගුවන් යානයේ පියාසර කරමින් සිටි 66 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව එම ගුවන් යානය අයත් අසෙමාන් ගුවන් සේවාව සදහන් කර තිබේ.

ඉරානයේ නිරිත දිග ප්‍රදේශයේ යසොජ් නගරයේ සිට ටෙහෙරාන් දක්වා පියාසර කරමින් සිටින අතරතුර දී මෙම අනතුර සිදුව තිබුණි.

ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණය නිසා මෙම අනතුර සිඳුව ඇති බවත්, හෙලිකොප්ටර් යානා මගින් සහන කණ්ඩායම් අදාල ස්ථානයට ළඟාවීමට අපහසුතාවයක් පවතින බවද වාර්තාවේ.