WORLD NEWS

ප්‍රවීණ බොලිවුඩ් නිලි ශ්‍රී දේවී මියයයි

බොලිවුඩයේ සුපිරි නිළි ශ්‍රීදේවී කපූර් හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි. පවුලේ සාදයකට සහභාගි වීම සදහා ඇය සිය පවුලේ සමාජිකයන් සමග ඩුබායි බලා පිටත් වීඇති අතර එහිදි මෙම මරණය සිදු වි ඇති බව

මිය යනවිට 54 වැනි වියෙහි පසුවූ ශ්‍රී දේවී චිත්‍රපට නිෂ්පාදක බොනී කපූර් සමහ විවාහවූ ඇය දියණියන් දෙදෙනෙකුගේ දයාබර මවක්වේ.

තමිල්නාඩුවේ දමිල සිනමාවෙන් සිනමාවට පිවිසි ශී දේවී අතිශයින් ජනප්‍රිය වූ චිත්‍රපට ගනනාකම ප්‍රධාන චරිතය රගපෑ අතර ඇය රගපෑ “මිස්ටර් ඉන්ඩියා ” ලංකාවේද අතිශයින්ම ජනප්‍රිය විය. ශ්‍රී දේවී හින්දි , දමිළ , තෙලිගු හා මලයාලම් යන චිත්‍රපට රැසකට රංගන දායකත්වය ලබා දී තිබේ.

ඉතා සුන්දර රූපයට හිමිකම් කියූ ඇය නර්තනට සුවිශේෂී දක්ෂතාවයක් දැක්විය.
මෑතකදී ඇය රගපෑ “මාම් -Mum” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇයට හොදම නිලිය සම්මානයද හිමිවිය.

2013 වසරේදී ඉන්දීය රජය විසින් එරට සිවිල් පුරවැසියෙකුට ලබාදෙන සිව්වැනි ඉහළම ප්‍රණාම සම්මානය වන පද්ම ශ්‍රී සම්මානයෙන් පවා ශ්‍රීදේවි පිදුම් ලැබුවාය.