SRILANKAN NEWS

2017 වසරදී නැවැත පදිංචි කිරීම ප්‍රධාන වැඩපිළිවලක් – නා. වේදනායකන්

2017 වසර සඳහා වැඩ කටයුතුවල නැවැත පදිංචි වූ ජනතාවට නිවාස ඉදි කිරීම, ඌර්කාවට්තුරයි සහ කාරයිනගර් අතර පාලම ඉදිකිරීම වැනි ව්‍යාපෘති ප්‍රධාන වැඩ කටයුතු බව යාපනය දිස්ත්‍රික්ක දිසාපති නා. වේදනායකන් මහතා පවසයි.

පසුගිය වසරේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති, නව වසරේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති ව්‍යාපෘති සහ එයට මුදල් වෙන් කිරීමේ ආකාරය ගැන මාධ්‍යට දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමින් වේදනායකන් මහතා මේ බව පවසා තිබේ.

2016 වසරේ යාපනය දිස්ත්‍රික්කයේ සංවර්ධනය සඳහා විවිද අමාත්‍යංශ හා දේපාර්තුමෙන්තු හරහා රුපියල් මිලියන 5300 මුදලක් ලැබී ඇති බවත්, විශේෂයෙන් මිලියන 4000ක මුදලක් නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශයෙන් ලැබී ඇති බවත්, යාපනය දිස්ත්‍රික්කයට වෙන් කළ මුදල් සියල්ල සම්පූර්ණයෙන් වියදම් කර අවසන් බවද හෙතෙම පවසා තිබේ.