SRILANKAN NEWS

දෙමළ මහජන සභාවට දේශපාලන පක්‍ෂ තුනක් එක්වෙයි..

දෙමළ මහජන සභාව නැමැති සිවිල් සංවිධානයට දේශපාලන පක්‍ෂ තුනක්ද එක්වී තිබේ. ඉදිරියේදී තව සංවිධාන හා පක්‍ෂ එක්වනු ඇති බවට බලාපොරොත්තු වන බව දෙමළ මහජන සභාවේ සහකාර නායකයකු වන මඩකළපුව දිස්ත්‍රික්ක නියෝජිත ටී. වසන්තරාජා පවසයි.

දෙමළ මහජන සභාවට දිනෙන් දින ලැබෙන ජනතා බලය හේතුවෙන් අපි සමඟ එක්වීමට බොහෝ දෙනෙකු කැමැත්තෙන් සිටිති. මේ වන විටත් දෙමළ ජාතික සන්ධානයේ සන්ධානගතව සිටින සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතාගේ ඊ.පී.ආර්.එල්.එෆ්. පක්‍ෂය, සිද්ධාර්දන් මහතාගේ බුලොට් යන පක්‍ෂ දෙමළ මහජන සභාව සමඟ එක්වී සිටියි.

තවද ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතාගේ දෙමළ ජාතික ජනතා පෙරමුණ පක්‍ෂය ද අප සමඟ එක්වී සිටියි. දැනට මෙම සිව් පාර්ශවය වන අපි එකට එක්වී කටයුතු කිරීමේ එකම අරමුණ උතුර නැගෙනහිර ඒකාබද්ධ කළ ෆෙඩරල් විසඳුමක් ලබා ගැනීමය. එම විසඳුම මඟින් දෙමළ කථා කරන සමාජය මෙම රටේ නිදහසේ ජීවත්විය යුතුය.

‘එලුහ තමිල්‘ වැඩසටහන ජනතා සහාය ඇතිව උතුරේ පැවැත්වු අතර, එම වැඩසටහන නැගෙනහිර පළාතදී ලබන 21 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙන්නෙමු. නැගෙනහිර පළාතේ දෙමළ හා මුස්ලිම් සමාජ වෙන්වී ජීවත්වීමට වඩා එකට එක්වී ජීවත්වීම කාලීන අවශ්‍යතාවය බව ප්‍රසිද්ධ සත්‍යතාවයකි යැයි ඔහු වැඩිදුරටත් පවසා තිබේ.