WORLD NEWS

යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ සහභාගිත්වය අවශ්‍යයි – මානව හිමිකම් නිරීක්‍ෂණ කමිටුව

යුද අපරාධ පිළිබඳ පරික්‍ෂණ කටයුතු ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ සහ නිතීඥවරුන්ගේ සහභාගිත්වයෙන් සිදු කළ යුතු බව මානව හිමිකම් නිරීක්‍ෂණ කමිටුව පවසයි.

අපරාධ ක්‍රියාවන් සඳහා වගවීමේ කටයුත්ත නිසිලෙස ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ සහභාගිත්වය අවශ්‍ය බව මානව හිමිකම් නිරීක්‍ෂණ කමිටුවේ ඔස්ට්‍රේලියානු අධ්‍යක්‍ෂක එලයිනි ප්‍රයර්සන්ස් පවසා තිබේ.

ශ්‍රී ලංකාව තවමත් සාමාන්‍ය තත්වයට පැමිණ නොමැතිවීම තම ස්ථාවරය බව ඇය පවසා තිබේ.