SRILANKAN NEWS

නව ව්‍යවස්ථාව සැකසීමේ මෙහෙයුම් කමිටුව රැස්වෙයි

නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා වන මෙහෙයුම් කමිටුව අද(23) දිනයේ යළි රැස්වීමට නියමිතව තිබේ.

අද(23) දිනයේ සිට දින හතරක කාලයක් මෙහෙයුම් කමිටුව රැස්වීමට නියමිත බව ජාතික සංවාද පිළිබද අමාත්යල මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.

ඒ අනුව නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂවල යෝජනා පිළිබදව මෙම දින හතර තුළ සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබේ.

සාකච්ඡාවලින් අනතුරුව නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අවසන් කෙටුම්පතක් සනස් කිරිමට බලාපොරොත්තු වන බව අමාත්‍ය මනෝගනේෂන් මහතා සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණ මේ වන විටත් සිය යෝජනා ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව වෙත බාර දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කළේය.