SRILANKAN NEWS

යුද අපරාධ සිඳුකළ පුද්ගලයන්ට දඞුවම් ලැබිය යුතුයි – ITJP

යුද අපරාධ සිඳුකළ පුද්ගලයන්ට දඞුවම් ලැබිය යුතු යැයි ජාත්‍යන්තර සත්‍යය හා යුක්තිය ව්‍යාපෘතිය, ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අපරාධකරුවන්ව ආරක්‍ෂා කිරීමට කටයුතු නොකළ යුතු බවත්, ඔවුන්ට දඞුවම් ලබාදීමට පියවර ගත යුතු යැයි ජාත්‍යන්තර සත්‍යය හා යුක්තිය ව්‍යාපෘතිය විසින් නිකුත් කළ වාර්තාවෙහි සඳහන් කර තිබේ.

හෙයිටියෙහි සාම සාධක කටයුතුවල නිරතවූ ශ්‍රී ලංකා හමුදාව ලිංගික අපරාධ ක්‍රියාවල යෙදුනු බවට චෝදනා එල්ලවී තිබෙන අවස්ථාවක, මෙම චෝදනා සම්බන්‍ධ පරීක්‍ෂණ සිදු කිරීමේ කටයුත්ත රජය විසින් යුද අපරාධ චෝදනා එල්ලවී තිබෙන මේජර් ජනරාල් ජගත් ඩයස් වෙත භාරදී තිබීම පිළිගත නොහැකි බව ජාත්‍යන්තර සත්‍යය හා යුක්තිය ව්‍යාපෘතියෙහි විධායක අධ්‍යක්‍ෂක යස්මින් සූකා පවසා තිබේ.

ජගත් ඩයස්ගේ අපරාධ ක්‍රියාවන් ගැන පරීක්‍ෂණ සිදු කළ යුතු යැයි පවසා සිටින ඇය හෙයිටියෙහි සිඳු වූ බව කියන අපරාධ ක්‍රියාවන් ගැන ස්වාධීන පරීක්‍ෂණයක් සිදුකරන තෙක්, හෙයිටියෙහි ශ්‍රී ලංකා හමුදාව ස්ථාන ගත නොකළ යුතු යැයි ඉල්ලා තිබේ.