දෙමළ ජාතික ජනතා පෙරමුණ සමඟ එක්වී මම මෙම වාර්තාව ඉදිරිපත් කරන්නෙමි. එක්සත් ජාතින් මානව හිමිකම් කවුන්සිලයදී 2015 වසරේ අංක 30/1 යෝජනාව සම්මත කළ අවස්ථාවේ, එම කෙටුම්පතයෙහි අපරාධ පරික්‍ෂණයක් ඉල්ලා තිබූ නමුත්, ශ්‍රී ලංකා පිළිබඳව එක්සත් ජාතීන් කාර්‍යාලයේ විමර්ශණ වාර්තාවෙහි (ශ්‍රී ලංකාව සම්බන්‍ධයෙන්) ප්‍රධාන අඩුපාඩු ගැන ගැඹුරින් අවධානය යොමු කර නැති බව එම යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේදී අනතුරු අඟවා තිබුණෙමු.
හුදෙක් අභ්‍යන්තර ක්‍රමවේදයක් ලෙස තිබිය හැකි එහි විශ්වාසනීය භාවය ගැන මතු පිටින් පෙන්වීමට පමණක් ‘විදේස්‘ සහභාගිත්වය ගැන එම 30/1 යෝජනා කෙටුම්පත ඉල්ලා තිබුණි බව එවිටම අපි ප්‍රකාශ කළෙමු..
තවද යුක්තිය ලබාදීම සඳහා වූ දේශපාලන කැමැත්තක් ශ්‍රී ලංකා රජයට කිසිසේත් නැති බව දිගින් දිගටම පෙන්වාදුන්නෙමු. මෙවැනි තත්වයකදී 2015 මානව හිමිකම් යෝජනාවෙහි සඳහන් කළ අවම වගකීම්වලින්ද ශ්‍රී ලංකා රජය නිල වශයෙන්ම ඉවත්ව සිටියි.
මෙලෙස එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවලින් වැලකී සිටීමේ මෙම උත්සහය ශ්‍රී ලංකාවේ ඉහළ බලතල දරණ ජනාධිපති සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මකවීම විශේෂත්වයකි.
එක්සත් ජාතීන්ගේ යෝජනාවලිය වාචිකව ප්‍රතික්‍ෂේප කිරීම පමණක් නොව, එහි සඳහන් කළ කිසිඳු නිර්දේශයක් මෙතෙක් රජයක් විසින් ක්‍රියාත්මක කර නොමැති බව මෙහිදී අවධානය යොමු කළ යුතු කරුණක්වේ.
මෙලෙස එක්සත් ජාතීන්ගේ යෝජනා නිර්දේශයන් ඉතා පැහැදිළිව ප්‍රතික්‍ෂේප කර, එයින් තමන්ට කිසිඳු බලපෑමක් නැති බව රජයක්ම පවසා සිටියදී, එම රජයට කල් දිගුවක් ලබාදීම යනු පීඩාවට පත්වූ ජනතාව පැතින් බලන විට එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය කෙරෙහි පවතින විශ්වාසයට බාධාවක් විය හැක.
මෙවැනි තත්වයකදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයකට යෝජනා කිරීම නැතිනම් විශේෂ අධිකරණයක් පිහිටුවා විභාග කිරීම වැනි අපක්‍ෂපාති ජාත්‍යන්තර විභාග ක්‍රිමවේදයක් තුළින් පමණයි පීඩාවට පත්වූ දෙමළ ජනතාව සාධාරණීය යුක්තිය ලබාදිය හැකි බව අපි නැවැත අවධාරණය කර සිටින්නෙමු.
Add Comment