SPORTS

නිදහස් කුසලාන තුන්කොන් තරගාවලියේ නායකත්වය චන්දිමාල්ට

ලබන මස 06 වනදා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි විස්ස නිදහස් කුසලාන තරගාවලියට එක්වන 20 දෙනෙකුගෙන් සමන්විත සංචිතය ඊයේ(27) සවස මාධ්‍ය වෙත නිකුත් කෙරුණි. ඒ අනුව සාර්ථක බංග්ලාදේශ තරගාවලියට නායකත්වය ලබාදුන් දිනේෂ් චන්දිමාල්ට මෙම තරගාවලියේදී ද නායකත්වය හිමිව තිබේ.

ඇන්ජලෝ මැතිව්ස්, අසේල ගුණරත්න හා ෂෙහාන් මධුශංඛ සංචිතයට ඇතුළත්ව නැත්තේ ආබාධ හේතුවෙන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.

බංග්ලාදේශ පන්දුවාර 20-20 තරගාවලියට නම් නොකළ සුරංග ලක්මාල්, සධීර සමරවික්‍රම, ළහිරු කුමාර, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර සහ ධනංජය ද සිල්වා යන ක්‍රීඩකයින් මූලික සංචිතයට ඇතුළත්ය.

අවසන් 15 දෙනා අද දිනයේ නම් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.