WORLD NEWS

ලිබියානු ගුවන් යානය පැහැරගත් දෙදෙනා භාරවෙති

ලිබියානු ගුවන්යානයක් පැහැරගෙන බලහත්කාරයෙන් මෝල්ටාව වෙත රැගෙන ගිය පුද්ගලයන් දෙදෙනා පොලීසිය වෙත භාර වූ බව බලධාරීහු පවසති.

දෑතට මාංචු දැමූ ඔවුන් දෙදෙනා පොලීසිය විසින් රැගෙන යන ආකාරය රූපවාහිනී දර්ශනවල දැකගන්නට ලැබිණ.

මගීන් 118 ක් රැගෙන අභ්‍යන්තර ගුවන් ගමනක නිරතව සිටියදී පැහැර ගැනුණු A320 එයාර් බස් යානය ඔවුන් දෙදෙනා යානය පැහැරගෙන තිබේ.

ඔවුන් භාරවීමට ප්‍රථම මගීන් සියලු දෙනාට යානයෙන් ඉවත්ව යාමට අවකාශ සලසා දුන් බවත් වාර්තාවිය.

ඔවුන් දෙදෙනා භාරවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මෝල්ටාවේ අගමැති ජෝසප් මස්කට්, ඔවුන් දෙදෙනා පිස්තෝලයකින් සහ ග්‍රෙනේඩ් බෝම්බයකින් සන්නද්ධව සිටි බව හෙළිදරවු කළේය.

ඔවුන් භාරවීමෙන් අනතුරුව යානය සෝදිසි කළ අවස්ථාවේ තවත් ගිනි අවියක් හමු වී තිබේ.

යානය ගමන් කරමින් තිබියදී පුද්ගලයන් දෙදෙනකු හදිසියේම යානය පුපුරුවා හරින බවට තර්ජනය කළ බව මූලික වාර්තාවල දැක්විණ.

ඔවුන් දෙදෙනා ලිබියාවේ හිටපු නායක කර්නල් ගඩාෆි ගේ ආධාරකරුවන් බව ඇතැම් වාර්තාවල දැක්වේ.

BBC Sinhala