SPORTS

දකුණු අප්‍රිකාව ලකුණු 40කින් ජයග්‍රහණය කරයි..

දකුණු අප්‍රිකා කණ්ඩායම සමග කේප් ටවුන්හි අද (07) පැවැති සිව් වන එක්දින තරගයේ ලකුණු 367ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48.1කදී සියලු දෙනාම ලකුණු 327කට දවා ගැනීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූ අතර දකුණු අප්‍රිකානුවන්ට ලකුණු 40ක ජයග්‍රහණයක් හිමි විය.

පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානුවන් පන්දුවාර 50 අවසනායේදී කඩුලු 5කට ලකුණු 367ක් ලබා ගනිමින් දැවැන්ත ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන් අතර දකුණු අප්‍රිකා ඉනිම වෙනුවෙන් F du Plessis පන්දු 141කදී හයේ පහර 3 ක් හා හතරේ පහර 16ක් සමගින් වේගවත් ලකුණු 185ක් රැස් කිරීමට සමත් විය. ඔහුට අමතරව නායක AB de Villiers පන්දු 62කදී ලකුණු 64ක්ද Q de Kock පන්දු 46කදී ලකුණු 55ක්ද රැස් කිරීමට සමත් විය.

පිළිතුරු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබා දීමට නායක උපුල් තරංග හා නිරෝෂන් දික්වැල්ල සමත් විය. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල සඳහා පන්දුවාර 16කදී වේගවත් ලකුණු 139ක් රැස් කිරීමට සමත් විය. නායකත්වයේ විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ උපුල් තරංග පන්දු 90කදී හයේ පහර 7ක් හා හතරේ පහර 11ක් සමගින් වේගවත් ලකුණු 119ක් රැස් කිරීමට සමත් විය. උපුල් තරංග අද ලබා ගත්තේ සිය එක්දින ක්‍රිකට් දිවියේ 14 වැනි ශතකයයි. තරංගට අමතරව නිරෝෂන් දික්වැල්ල පන්දු 47කදී හතරේ පහර 9ක් සමගින් ලකුණු 58ක්ද, සදුන් වීරක්කොඩි පන්දු 51කදී එක් හයේ පහරක් හා හතරේ පහර 7ක් සමගින් ලකුණු 58ක්ද අසේල ගුණරත්න ලකුණු 38ක්ද කුසල් මෙන්ඩිල් ලකුණු 29ක්ද රැස් කිරීමට සමත් විය. අනෙක් කිසිදු පිතිකරුවකුට ලකුණු 10 සීමාව පසු කිරීමට නොහැකි වූ අතර පසුපෙළ පිතිකරුවන් ලකුණු අතරට පිවිසීමට සමත් වූවානම් තරගයේ තත්වය මීට වඩා වෙනස් විය හැකිව තිබුණි.

අද තරගයේ ජයග්‍රහණයත් සමග තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය දකුණු අප්‍රිකානුවන් 4-0ක් ලෙස මේ වනවිට ජයග්‍රහණය කිරීමට සමත්ව සිටී.