SPORTS

පළමු එක්දින තරඟයේ ජය බංගලාදේශයට

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර ඊයේ (25) පැවති පළමු එක්දින කි‍්‍රකට් තරගයෙන් ලකුණු 90 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

මුලින් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 5 ක් පමණක් දැවී ලකුණු 324 ක් ලබා ගැනීමට සමත්වූ අතර ලකුණු 325 ක දැවැන්ත ඉලක්කය පසුකර යෑමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට නොහැකි විය.

තමීම් එක්දින ක්‍රිකට් දිවියේ 8 වැනි ශතකය වාර්තා කරමින් ලකුණු 127ක් රැස්කළ අතර, ශකීබ් ලකුණු 72 ක් රැස් කළේය.

ඒ අනුව පන්දුවාර 45.1 කදී සිය සියළු ක්‍රීඩකයින් දැවී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 234 ක් පමණි. තරගය රංගිරි දඹුලු අන්තර් ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්විය.