SPORTS

ICC චැම්පියන්ස් කුසලාන තරගාවලියේ අවසන් තරඟය අද..

Image result for icc champions trophy 2017ICC ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ පාකිස්තානය අතර අද (18) දින ශී‍්‍ර ලංකා වේලාවෙන් පස්වරු 3.00 ට ලන්ඩන්හි ඕවල් කි‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.

ICC ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලියකට ආසියානු රටවල් දෙකක් අවසන් මහා තරගයකට කී‍්‍රඩා කරන දෙවන අවස්ථාව මෙය වන අතර මීට පෙර 2002 වසරේදී ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අවසන් මහා තරගයකට මුහුණදී ඇති අතර ඉන්දීය කණ්ඩායම මේ සදහා මුහුණ දෙන සිව්වන අවස්ථාවද වේ.මෙවර ICC ශූරයින්ගේ කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට හිමිවන මුදල් ත්‍යාගය අමෙරිකානු ඩොලර් මිලියන දෙකයි දශම දෙකක් බව ක්‍රිකට් කමිටුව සදහන් කරයි.