SPORTS

බංගලදේශය සමඟ වූ තරඟයෙන් ශ්‍රී ලංකාවට ජය

ශ්‍රී ලංකාව කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු ක්‍රීඩකයෙකු නොදැවී ලකුණු 83 ක ඉතා පහසු ජයක් ලැබීමට සමත් විය.

බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ බංගලාදේශ කණ්ඩායම අතර අද (25) පැවැති තරඟයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංගලාදේශ කණ්ඩායම පන්දුවාර 24ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 82 රැස් කළේය.

එහිදී බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් මුෂ්ෆිකු රහීම් රැස්කළ ලකුණු සංඛ්‍යාව 26 කි.

පන්දු යැවීමේදී සුරංග ලක්මාල් ලකුණු 21කට කඩුලු 03 ක් හා දුෂ්මන් චමීර ලකුණු 06කට කඩුළු 02 ක් ලබාගත්තේය.

මේ ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා පිල එළඹෙන සෙනසුරාදා දිනයේ දී අවසන් මහා තරගයට බංග්ලාදේශ පිල සමඟ ක්‍රීඩා කිරීමට නියමිතය.