SPORTS

ඔස්ට්‍රේලියාව පරදා ශ්‍රී ලංකා කණ්ඩායම ඓතිහාසික ජයක් වාර්තා කරයි..

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හි අංක 1 කණ්ඩායම වන ඕස්ට්‍රේලියා කණ්කැන්ගරුවන් පරදා වසර 17කට පසු ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් තරගයක් ජය ගනීඩායම ටෙස්ට් තරග දෙකකදි පරාජය කරමින් ඓතිහාසික ටෙස්ට් තරග ජයක් ලැබිමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (06දා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී සමත්විය.

ඔස්ට්‍රේලියා කණ්ඩායමකට එරෙහිව ශ්‍රී ලංකාව ලබාගත් තෙවැනි ජයග්‍රහණය මෙය වන අතර තරගයේ ජයග්‍රහණයත් සමගින් වෝන් – මුරලි ටෙස්ට් කුසලානය තමන් යටතට ගැනිමටත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති පළමු ටෙස්ට් තරඟයේ සහ ගාල්ලදී පැවැති දෙවැනි ටෙස්ට් තරඟයේදී ද ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර ඔස්ට්‍රෙලියාවට එරෙහි ටෙස්ට් තරඟාවලිය ජයගෙන තිබේ.

ගාල්ලදී පැවැති දෙවැනි ටෙස්ටි තරඟයේදී පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකාව ලකුණු 281ක් ලබාගත් අතර පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව ලකුණු 106ක් ලබාගත්තේය. දෙවන ඉනිමේදී ශ්‍රී ලංකාව ලකුණු 237ක් ලබාගත් අතර ඒ සමග තරඟය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 413ක ඉලක්කයක් හිමිවිය.

කෙසේ නමුත් දෙවන ඉනිම සඳහා ඔස්ට්‍රෙලියානු කණ්ඩායමට ලබාගත හැකිවු‍යේ ලකුණු 183ක් පමණි. දිල්රුවන් පන්දු යවමින් ලකුණු 70ට කඩුළු 6ක් බිඳ දැමූ අතර රංගන හේරත් ලකුණු 74ට කඩුළු 2ක් බිඳ දැමීය.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර 1983 වසරේ සිට මේ දක්වා ටෙස්ට් තරග 27ක් පවත්වා ඇති අතර ඉන් තරග 17ක් ජය ගෙන ඇත්තේ, ඔස්ට්‍රේලියාව යි.

 ඔස්ට්‍රේලියාව පරදා වෝන් - මුරලි ටෙස්ට් කිරුළ ශ්‍රී ලංකාව හිමිකර ගනියි